Sunday, January 7, 2018

                   සාගරයේ ලවණතාව

         සාගර ජලය ලුණු රස වී ඇත්තේ එහි පවත්නා ලවණාව නිසාය.ප්‍රධාන වශයෙන් සෝඩියම් ක්ලොරයිඩ් සාගර ජලයේ දියවී ඇත.සාගර ජලයේ සංයුතිය මේ ආකාරයෙන් දැක්විය හැකිය.

ක්ලොරයිඩ් -54.3%
සල්පේට්-30.2%
මැග්නීසියම්-7.6%
කැල්සියම්-3.7%
පොටෑසියම්-1.2%
වෙනත් ද්‍රව්‍ය -1.9%


පෘථිවිය මත හමුවන සෑම මූලද්‍රව්‍යන්ම සාගරය  තුළ ද ඇත.සාගර ජලය නිදහසේ ගමන් කරන නිසා ලවණ වර්ග වල අනුපාතය සෑම සාගරයකදී සමාන මට්ටමකින් පවතී.එනමුත් ලවනතාව සාගරයෙන් සාගරයටත්,මුහුදින් මුහුදටත් වෙනස් වන්නකි.සාමාන්‍යයෙන් සාගර ජලයේ ලවණතාව ජලය කොටස් දහසකට ලවණ කොටස් 35.2 ක් වේ.ලවණ ප්‍රමාණය අධික නිසා මල මුහුදේ යම් පුද්ගලයෙකුට නොගිලී පාවිය හැක.


රුවනාරට අරුතක්



 පෘථිවිය මත තිබෙන විවිධ භූ ලක්ෂණ, ඒවායේ විශාලත්වය අනුව කාණ්ඩ තුනකට බෙදේ.ඒ අතරින් ප්‍රථම ගණයේ භූ ලක්ෂණවලට අයත් වන්නේ සාගරයයි.සාගර හා මුහුදු නිර්මාණය වූ ආකාරය ගැන ස්ථීර නිගමනයකට තවම එළඹ නැතත්,ක්‍රමයෙන් නිර්මාණය වූ වලාකුළුවලින් වහනය වූ වර්ෂා ජලය පොළව මත රදා සිටීම නිසා වර්ෂ දහස් ගණනක් යද්දී ජීවින්ගේ හා වෘක්ෂලතා ආදියේ සම්භවයක් ඇති විය.සාගරය අපේ ආරම්භක සංස්කෘතියේ උල්පත වූයේ එසේය.වර්ගකිලෝමීටර මිලියන 362ක් සාගර හා මුහුදු වේ.පෘථිවිය "ජල ග්‍රහයා" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නේ ද ඒ නිසාය.ඒ අනුව පෘථිවි පෘෂ්ඨයෙන් 71% ක් සාගරවලින් වැසී තිබේ.ගොඩ බිම මෙන්ම සාගරවලට ද විවිධාකාර භූ ලක්ෂණ පිහිටා ඇත.සාගර පතුලේ සෑම තැනක්ම ඒකාකාරී නොවේ.ගොඩ බිම පවත්නා සෑම සියලු දෙයක්ම පාහේ එතුළ  පවතී.
⁣සැබැවින්ම සාගරය යනු එතුළ සහ ගොඩබිම ඇති ජීව සහ අජීව කොට්ඨාස රැසකට කප් රුකකි.